"එදා කුමරු නැව බිඳලා ස්ත්‍රී පුරයට යති
ස්ත්‍රී පුරේ ගෑනු ඇවිත් කුමරුට ලොල් වෙති
රාල කියා එකින් එකා පොර අල්ලා ගති
දෑල වරේ කුමරු මැරී පණ චුත වී යති"
එදා ස්ත්‍රීන් පුරයේදී ස්ත්‍රීන් එකිනෙකා පොර අල්ලා ඇඟ මස් කඩා ගැනීමෙන් මිය ගිය හෙයින් ස්ත්‍රීන් කෙරෙහි වෛරයෙන් කළු කුමරු වී උපන්නේ යැයි විශ්වාස කරයි. ස්ත්‍රීන්ව ලෙඩ කරවයි. තනිකම් දෝෂ, උන්මාද දෝෂ ඇති කරයි. දරුඵල නැති කරයි. එසේම දරු ඵල විනාශ කරයි, සිහිනෙන් තරුණියන්ට පෙනී ඔවුන් සමඟ හැසිරෙති. ඔවුන් කෘෂ භාවයට පත් කරත් යැයි ජනයා අතර විශ්වාසයන් පවතී.
කළු කුමාර සමයම බොහෝ ප්‍රදේශවල පවත්වනු ලබන ශාන්තිකරමයකි. එය පවත්වනු ලබන්නේ විශේෂයෙන් ගර්භණී කාන්තාවන් උදෙසාය. ඒ කළු කුමාර බැල්ම වැටී ගර්භණී කාන්තාවන්ගේ ගර්භය විනාශ වී ගබ්සා වීම වළක්වා ගැනීම සඳහාය. කළු කුමාර බැල්ම වැටී ඇති ස්ත්‍රීන් දැඩි ලෙස පිළී වර්ග (කරවල, මස්, මාළු ආදිය) හා බයිට් වර්ග කෑමට දැඩි ලෙස රුචියක් දක්වන බවද විශ්වාසයක් පවතී. එවැනි අවස්ථාවලදී තෙල් මතුරා හිසේ ගෑම, තැඹිලි ගෙඩියක් මතුරා බොන්න දීම, නූල් මතුරා ගැට ගැසීම, කළු කුමාරයන් උදෙසා විවිධ ශාන්තිකර්ම සිදු කිරීම ආදී දේ සිදු කරනු ලබයි.
4 comments:
keep it up ❤️
❤️💫
❤️💫
❤️
Post a Comment