Search This Blog

Tuesday, December 10, 2024

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම


ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන් රැසක් පවතියි. එකී දායාදයන් ඔස්සේ අපේම වූ අනන්‍යතාවක්, ප්‍රෞඪ ඉතිහාසයක් ගොඩනගා ගැනීමට පාරම්පරික මුතුන් මිත්තන්ට හැකියාව ලැබුණි. සංකෘතිකමය වශයෙන් සුවිශේෂී ස්ථානයක් දේශීය නර්තන කලාවට සහ ශාන්තිකර්මයන්ට හිමි වේ.  ශ්‍රී ලංකාවේ උඩරට , පහතරට සහ සබරමු ලෙස ප්‍රධාන වශයෙන් නර්තන සම්ප්‍රදායයන් 03 ක් දක්නට ඇත. ඉන් බොහෝ පෙදෙස්වල ප්‍රචලිත නර්තන සම්ප්‍රදායක් ලෙස උඩරට නර්තන සම්ප්‍රදාය හඳුන්වා දිය හැකිය. උඩරට නර්තනය හා බැඳි එකී සම්ප්‍රදාය ගුරු කොට ගෙන පවත්වනු ලබන ශාන්තිකර්ම උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම වේ. 

උඩරට සම්ප්‍රදායට අනුව පවත්වනු ලබන ලොකු කුඩා ශාන්තිකර්ම ගණනාවක් පවතී.  අද වන විට මෙම ශාන්තිකර්මයන් සමාජයෙන් වියැකී ගිය ද සැලකිය යුතු තරම් සංඛ්‍යාවක් ශාන්තිකර්ම, අභිචාර විධි හා පුද පූජා ක්‍රම අද දක්වාම ප්‍රායෝගික  ව්‍යවහාරයේ පවතියි. ශ්‍රී ලංකාවේ උඩරට ලෙස හඳුන්වනු ලබන මහනුවර, උඩුනුවර, යටිනුවර, සත්කෝරළය, සතර කෝරළය, දුම්බර, හාරිස්පත්තුව යන ප්‍රදේශයන්හි ව්‍යාප්තව ඇති නර්තන සම්ප්‍රදාය උඩරට නර්තන සම්ප්‍රදාය ලෙස හැඳින්වේ. මෙම නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය 'කොහොඹා කංකාරිය' හැඳින්විය හැකිය. මීට අමතරව වසරකට වරක් පමණක් දක්නට ඇති 'වලියක් මංගල්‍යය' මෙම නර්තන සම්ප්‍රදායේ අවශේෂ ප්‍රධාන ශාන්තිකර්මය ලෙස හැඳින්විය හැකිය. කඩවර කංකාරිය, අඩුක්කු මංගල්‍යය, වැදි යකුන් නැටීම යන ශාන්තිකර්මයන් මෙන්ම බලි ශාන්තිකර්මය ද මෙම ප්‍රදේශයේ බහුලව ව්‍යාප්ත වී ඇත. එහිදී උඩරට බලි මෙන්ම නුවර කලාවියේ බලි ද මෙම ප්‍රදේශයට ආවේණික ව පවතී. 

මෙම ශාන්තිකර්මයන් ප්‍රධාන වශයෙන් අරමුණු 03 ක් අරඹයා සිදු කරනු ලබයි. 

1. දෙවියන් උදෙසා

2. යකුන් උදෙසා

3. ග්‍රහයින් උදෙසා 

උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්මයන් ලෙස, 

1. කොහොඹා කංකාරිය /කොහොඹා යක්කම

2.  වලි යක් මංගල්‍යය

3. කඩවර කංකාරිය 

4. ගම්මඩු ශාන්තිකර්මය 

5. පිදුම් මඬුව

6. ගිනි මඬුව

7.මල් මඬුව

8.  රුප්පායක් මඬුව

9. මෙලෙසි යක් මඬුව

10. දෙවියන් වැදීම

11. බලි ශාන්තිකර්මය 

                      ආදිය පෙන්වා දිය හැකිය.

Wednesday, November 20, 2024

ශ්‍රී ලාංකිකයන් අතර පවත්නා මූලික ආගමික ඇදහිලි

ආගමික විශ්වාසයන්

බුද්ධාගම: 

මූලික ඉගැන්වීම්: බොහෝ ශ්‍රී ලාංකිකයන් ථෙරවාදී බුදුදහමට අනුගත වන අතර, දුක්ඛයෙන් මිදීම සඳහා චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.

පිළිවෙත්: මහනුවර, දළදා මාලිගාව වැනි පූජනීය ස්ථාන වන්දනා කිරීම, භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම, දන් දීම සහ භාවනා කිරීම.

හින්දු ආගම: 

ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවය ලත් ආගමික සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16% ක් සිටින ලොව තුන්වන විශාලම ආගම වේ. ඒ අතුරින් මිලියන 905 ක් භාරතයේ සහ නේපාලයේ වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ ලෙස බංග්ලාදේශයශ්‍රී ලංකාවපකිස්තානයඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් දැක්විය හැකිය.ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් දෙමළ ප්‍රජාවන් විසින් ප්‍රගුණ කරන හින්දු ආගම ශිව සහ විෂ්ණු වැනි දෙවිවරුන්ට භක්තිය, චාරිත්‍ර වාරිත්‍ර සහ මෝක්ෂය (විමුක්තිය) ලුහුබැඳීම අවධාරණය කරයි. ප්‍රධාන උත්සව අතරට තෛපොංගල් සහ දීපවාලි ඇතුළත් වේ.


ඉස්ලාම්: 


ලෝකයේ දෙවැනියට විශාලම ආගම වන මෙයට බිලියන 1.9 ක (ලෝක ජනගහණයෙන් 24.9% ක) අනුගාමිකයන් පිරිසක් ඇත. ඉස්ලාම් අනුගාමිකයන් මුස්ලිම්වරු ලෙස හැඳින්වෙයි. මුස්ලිම්වරු රටවල් 47 කම බහුතර ජන කොට්ඨාශය වෙයි. ඉස්ලාම් හි මූලික ඉගැන්වීම් වන්නේ දෙවියන් දයානුකම්පිත, සර්වබලධාරී සහ අද්විතීය බවත් සහ දෙවියන් පණිවුඩකරුවන් ඔස්සේ මනුෂ්‍යයින්ට මග පෙන්වා ඇති බවත් ය. ඉස්ලාම් හි ශුද්ධ වූ ග්‍රන්ථය වන්නේ කුරානය යි. කුරානය සහ මුහම්මද්ගේ ඉගැන්වීම් (සුන්නාහ් ලෙස හැඳින්වෙන) දෙවියන්ගේ වචනය යැයි විශ්වාස කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු යාඥාව, උපවාසය, පුණ්‍යකර්මය සහ හජ් වන්දනාව කෙරෙහි අවධානය යොමු කරමින් ඉස්ලාමීය ඉගැන්වීම් අනුගමනය කරති.හලාල් පිළිවෙත්වලට ගරු කිරීම සහ ඊද් වැනි උත්සව සැමරීම කේන්ද්‍රීය වේ.

ක්‍රිස්තියානි ධර්මය: 

කිතුනුවන් ලෙස හැඳින්වෙන එහි අනුගාමිකයින් විශ්වාස කරන්නේ ජේසුස් ක්‍රිස්තූන් දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන බවය. මිනිසුන්ගේ ගැලවුම්කරුවා (නොහොත් මෙසියස්) ලෙස ජේසුස්ගේ පැමිණීම පිලිබඳව බයිබලයෙහි  ලියා ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම ඔහුගේ පැමිණීම පිළිබඳ හීබෲ බයිබලයෙහි (පරණ ගිවිසුමෙහි) අනාවැකි පවසා ඇති බවද විශ්වාස කෙරෙයි. එය ලොව විශාලතම ආගම වන අතර 2020 වන විට අනුගාමිකයන් බිලියන 2.8 ක් පමණ සිටී.කිතුනුවන්, විශේෂයෙන් රෝමානු කතෝලිකයන්, යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්, යාච්ඤාව සහ පුණ්‍ය කටයුතු අවධාරණය කරති. ජනප්‍රිය පිළිවෙත් අතර නත්තල් සහ පාස්කු ඇතුළත් වේ.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...