මහසෝනාගේ ශරීරය කුරුමිට්ටකුගේ තරමේ සිට මහා යෝධයෙකු තරම් වෙනස් කරගැනීමට සහ විවිධාකාර වේශයන්ගෙන් පෙනී සිටීමටද හැකියාව පවතී. එසේ වුවද සාමාන්‍ය අවස්ථාවේ දී ඔහු වලක් හිසක් සහ රතු පැහැති හමකින් යුක්ත විකාරරූපී ශරීරයක් ඇති අමනුෂ්‍ය විලාසයකින් පෙනී සිටින බවට විශ්වාස කරයි. මහසෝනා කරදර කරනු ලබන්නේ අනියම් සබඳතා පවත්වනු ලබන පිරිමින්ට යැයි ද මතයක් ඇත. එමෙන්ම මහ රාත්‍රි කාලයේ තනිපංගලමේ පාළු ප්‍රදේශවල ගමන් ගන්නා පිරිමින්ටද මහසෝනා කරදර කරන බවට ද මිනිසුන් අතර විශ්වාසයන් පවතී.
මහසෝනා සොහොන් පිට්ටනිවල, මහා වනාන්තරවල, ගල් පර්වත සහ කඳු මුදුන්වල සිටී යැයි ද විශ්වාසයන් පවතී. මහසෝනාගේ ආහාරයන් වන්නේ මලමිනී යැයි විශ්වාස කරනු ලබයි. තවද තුන්මං හන්දිවල රැක සිට මිනිසුන් මරා දැමීමද මහසෝනා විසින් කරනු ලබන බව හා මහසෝනා විසින් පහරදීම නිසා මිනිසුන්ගේ පිටෙහි මහසෝනාගේ අත් පහර පිහිටන බව හා එය දැකගත හැකි බව ජනප්රවාදයේ සඳහන් වන්නකි. මහසෝනා විසින් කොළරාව, පාචනය, උණ සන්නිපාතය වැනි වසංගත රෝග සාදා මිනිස්සු මරා දැමීම සිදු කරනු ලබයි. තවද මහසෝනා විසින් මිනිසුන්ට ආවේශ වී දොළ පිදේනි වශයෙන් කුකුළන් ආදී සතුන් හා එම සතුන්ගේ රුධිරය ඉල්ලා සිටින බව ශාන්තිකර්ම වලදී දැකිය හැක. ශාන්තිකර්මයන් හිදී වැඩි වශයෙන් කියැවෙන යක්ෂ නාමයක් ලෙස මහසෝනා හඳුනාගත හැකිය. එමෙන්ම අංගම්පොර වැනි පුරාණ දේශීය සටන් කලා වලදී "මහසෝන් අවතාරය" අංගම්පොර අති දක්ෂ ක්‍රීඩකයන්ගේ ශරීරයට ආවේශ වනවා යැයි ද මිනිසුන් විශ්වාස කරයි.
6 comments:
Good job 🥰
❤️💫
❤️💫
Great
❤️
godak wedagath
Post a Comment