ප්‍රාදේශීය දේවතාවෙක් ලෙස ගම්භාර දෙවියන් හදුන්වා දිය හැකිය. මෙම දෙවියන් ගම් ආරක්ෂා කරතැයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නකි. ඇතැම් අවස්ථාවලදී දෙවොල් දෙවියන් නමින් ද හදුන්වනු ලබන්නේ මෙම ගම්භාර දෙවියන් ය. ඇතැම් ප්‍රදේශවල ගම්භාර දෙවියන් කීප දෙනෙකුම දැකිය හැකි වේ. මෙම දේවතාව හැදින්වෙන්නේ ගම්භාර ඔඩ්ඩි වඩිග සුනියම් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නමිනි. අර්ධ තත්ත්වයේ සිටින දෙවි කෙනෙකු ලෙස ද ගම්භාර දෙවියන් සැලකේ. එනම් පෙර කළ මනුශ්‍ය ආත්මයක හෝ යක්ශ ආත්මයක සිට බලසම්පන්න දෙවිවරුන්ගෙන් වරම් ගෙන දේවත්වයට පත් වී ඇති යන්නයි. එම නිසාවෙන් බොහෝ අය සූනියම් දෙවියන් විටෙක දේවත්වයෙන් ද තවත් විටෙක යක්ශ ආත්මයකින්ද පෙනී සිටින බලවත් දෙවියකු බව විශ්වාස කරයි. ගම්භාර දෙවියන් හැදින්වීමට ගම්පති, මුදල් භාර, පට්ටි භාර, ඔඩ්ඩි කුමාර, ඔඩ්ඩි දේවතා, ඔඩ්ඩි මස්සිනා, සුද්ධ සූනියම් අප්පච්චි , ගම්භාර අප්පච්චි , සූනියම් දේවතාව යන විවිධ නම් වලින් හදුන්වනු ලබයි. හැඩපලු 13 න් ද ගෙල වටා නාග මාලයක් ද එක් උරහිසක කරවලුන් හතර දෙනෙකු ද බැගින් දෙව් රේ අටක් ද මුඛයෙන් ලේ පොළගෙක් ද බද වටා නාගයින් පැළද සිටිනු දක්නට පුළුවන. නීල වර්ණ ශරීරයකින්ද සමන්විත දිවි සළු පැළද සිටින මෙකී මෙකී දෙවියන් පාමුල ද නාගයෙක් දැකගත හැකිය. තවද දකුණතින් වඩිහ කඩුවක් ද වමත ගිනි කබලක්ද තිබෙනු දක්නට ඇති අතරම වාහනය සුදු තුරගෙකි.
ගම්වාසීන් විශ්වාස කරන පරිදි සූනියම් දේවතාවගේ උත්පත්ති කතාව මෙසේ ය. ඉන්දියාවේ වඩිග දේශයේ වඩිග රජුටත් යවුදගිරි දේවියටත් දාව උපන් කුමරා ඔඩ්ඩි වඩිග කුමරා හෙවත් සූනියම් දේවතාවයි. මෙම කුමරා ඉපදුණ විට ශිල්ප ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි බමුණන් විසින් මෙම කුමරුන්ගේ ශරීර සලකුණු බලා "කුමරුන් මහා බලගතු බවත්, සොළොස් විය පිරුණු කල්හි වඩිග රජු ද පරිවාර රජුන් ද මරා වඩිග දේශයම අත්පත් කර ගන්නා බවත් පසුව ලංකාදීපයට ගොස් අමු මිනී මස් කා වාසය කරන බවත් " පවසා ඇත. මේ නිසාවෙන් වඩිග රජුට තම පුත්‍රයා මැරීමට ද සිතුනු නමුත් තමාට දාව උපන් දරුවා මැරීම සිදු කළ නොහැකි බැවින් ඇති දැඩි කළේය. නමුත් සොළොස් විය වූ විට මෙම කුමරුන් නයි, පොළොගුන් , මාපිල්ලු, වැනි සර්පයින්ගේ දළ කඩා විෂ උරා බීම්ටත් එම සර්පයින් බෙල්ලෙ ඔතා ගැනීමටත් පුරුදු විය. ඉන්පසු මෙම කුමරුන් යක්ශාවතාරයක් වී ඇති බවට ගැමියෝ විශ්වාස කරති. බමුණන් කී පරිදිම මේ කුමරු රජු ඇතුළු පරිවාර රජුන් ද මරා දමමින් රට වැසියන් මරා මිනී මස් කෑමට පටන් ගත්හ. පසුව මෙම කුමරුන්ට සූනියම් යක්ශයා ලෙස නම් පටබැදීම සිදු වූයේ මින් පසුවය. මෙම සූනියම් දෙවියන්ට විශාල සේනාවක් ද සිටින බව ජනප්‍රවාදවල සදහන් වේ. පසුව සූනියම් යක්ෂයාගෙන් ඇති කරදර නතර කිරීමට යක්ෂයා බන්ධනය කිරීමට මන්තර ජප කරමින් විවිධ උත්සාහ දරයි. එවිට මන්තර ජප කරමින් සිටි පුස්කොළ පොත තුලට සුනියම් යක්ෂයා ඇතුල් වූ පසු ඇදුරුතුමා විසින් යක්ෂයා පුස්කොළ පොත තුළ සිර කොට රන් හුයකින් ගැට ගසා මුහුදෙව් පා කර හැරියේය. එම පුස්කොළ පොත ලංකාවේ දකුණු වෙරළට පාවී පැමිණ ඇති අතර මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙය තම නිවස කරා රැගෙන ගොස් ඇත. නමුත් ඔහුට දෙවිවරු සිහිනයෙන් මෙය විවෘත නොකරන ලෙස පුන පුනා පවසන ලදි. නමුත් එම පුස්කොළ පොත පසුව කුලියාපිටිය ප්‍රදේශයේ අයෙකු සතු වී තිබෙන අතරතුර එහි වටිනා මන්ත්‍ර ඇති බව සිතා එය විවෘත කිරීමේදී සූනියම් යක්ෂයා පිටතට පැමිණ ඇත. සූනියම් යක්ෂයාගේ ලංකාගමනය සිදු වී ඇත්තේ එසේ ය. පසු කාලීනව මෙම යක්ෂයාට පත්තිනි දේවිය විසින් වරමක් ලබා දී දේවත්වයට පත් කොට ඇති බව ගැමියන් විශ්වාස කරති.
.jpeg)
.jpeg)
1 comment:
❤👍
Post a Comment