Search This Blog

Showing posts with label ශාන්තිකර්ම. Show all posts
Showing posts with label ශාන්තිකර්ම. Show all posts

Tuesday, December 10, 2024

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම


ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන් රැසක් පවතියි. එකී දායාදයන් ඔස්සේ අපේම වූ අනන්‍යතාවක්, ප්‍රෞඪ ඉතිහාසයක් ගොඩනගා ගැනීමට පාරම්පරික මුතුන් මිත්තන්ට හැකියාව ලැබුණි. සංකෘතිකමය වශයෙන් සුවිශේෂී ස්ථානයක් දේශීය නර්තන කලාවට සහ ශාන්තිකර්මයන්ට හිමි වේ.  ශ්‍රී ලංකාවේ උඩරට , පහතරට සහ සබරමු ලෙස ප්‍රධාන වශයෙන් නර්තන සම්ප්‍රදායයන් 03 ක් දක්නට ඇත. ඉන් බොහෝ පෙදෙස්වල ප්‍රචලිත නර්තන සම්ප්‍රදායක් ලෙස උඩරට නර්තන සම්ප්‍රදාය හඳුන්වා දිය හැකිය. උඩරට නර්තනය හා බැඳි එකී සම්ප්‍රදාය ගුරු කොට ගෙන පවත්වනු ලබන ශාන්තිකර්ම උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම වේ. 

උඩරට සම්ප්‍රදායට අනුව පවත්වනු ලබන ලොකු කුඩා ශාන්තිකර්ම ගණනාවක් පවතී.  අද වන විට මෙම ශාන්තිකර්මයන් සමාජයෙන් වියැකී ගිය ද සැලකිය යුතු තරම් සංඛ්‍යාවක් ශාන්තිකර්ම, අභිචාර විධි හා පුද පූජා ක්‍රම අද දක්වාම ප්‍රායෝගික  ව්‍යවහාරයේ පවතියි. ශ්‍රී ලංකාවේ උඩරට ලෙස හඳුන්වනු ලබන මහනුවර, උඩුනුවර, යටිනුවර, සත්කෝරළය, සතර කෝරළය, දුම්බර, හාරිස්පත්තුව යන ප්‍රදේශයන්හි ව්‍යාප්තව ඇති නර්තන සම්ප්‍රදාය උඩරට නර්තන සම්ප්‍රදාය ලෙස හැඳින්වේ. මෙම නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය 'කොහොඹා කංකාරිය' හැඳින්විය හැකිය. මීට අමතරව වසරකට වරක් පමණක් දක්නට ඇති 'වලියක් මංගල්‍යය' මෙම නර්තන සම්ප්‍රදායේ අවශේෂ ප්‍රධාන ශාන්තිකර්මය ලෙස හැඳින්විය හැකිය. කඩවර කංකාරිය, අඩුක්කු මංගල්‍යය, වැදි යකුන් නැටීම යන ශාන්තිකර්මයන් මෙන්ම බලි ශාන්තිකර්මය ද මෙම ප්‍රදේශයේ බහුලව ව්‍යාප්ත වී ඇත. එහිදී උඩරට බලි මෙන්ම නුවර කලාවියේ බලි ද මෙම ප්‍රදේශයට ආවේණික ව පවතී. 

මෙම ශාන්තිකර්මයන් ප්‍රධාන වශයෙන් අරමුණු 03 ක් අරඹයා සිදු කරනු ලබයි. 

1. දෙවියන් උදෙසා

2. යකුන් උදෙසා

3. ග්‍රහයින් උදෙසා 

උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්මයන් ලෙස, 

1. කොහොඹා කංකාරිය /කොහොඹා යක්කම

2.  වලි යක් මංගල්‍යය

3. කඩවර කංකාරිය 

4. ගම්මඩු ශාන්තිකර්මය 

5. පිදුම් මඬුව

6. ගිනි මඬුව

7.මල් මඬුව

8.  රුප්පායක් මඬුව

9. මෙලෙසි යක් මඬුව

10. දෙවියන් වැදීම

11. බලි ශාන්තිකර්මය 

                      ආදිය පෙන්වා දිය හැකිය.

Sunday, November 17, 2024

උඩරට නර්තන සම්ප්‍රදායේ එන කොහොඹා කංකාරියේ වතගොත

උඩරට නර්තන සම්ප්‍රදායේදී සිදු කෙරෙන ප්‍රධානතම ශාන්තිකර්මයක් ලෙස කොහොඹා කංකාරිය හඳුන්වා දිය හැකිය. උඩරට නර්තනය ප්‍රචලිත ප්‍රදේශ වන උඩුනුවර, යටිනුවර, දුම්බර, උඩපළාත, හාර්ස්පත්තුව, හේවාහැට, තුම්පනේ යනදී ප්‍රදේශවලද  සත් කෝරළයට සීමාන්විතව සිදු කරන්නේ උඩරට ශාන්තිකර්මයන්ය. 

අස්වැන්න කපා පාගා ගැනීමෙන් පසුව එළඹෙන විවේකී කාලයේදී මෙම ශාන්තිකර්ම පවත්වනු ලබයි. අතීතයේ දී ගම්වාසීන් සියල්ලන්ටම සෙත්පතා කරනු ලබන කටයුත්තක් නිසාවෙන් පොදු කටයුත්තක් ලෙස ගමේ සියලු දෙනාගේම සහභාගිත්වයෙන් යුතුව පවත්වයි. කොහොඹ යක්කම කොහොඹා දෙවිවරුන් සඳහා කරනු ලබන පූජාවකි. 

කොහොඹා කංකාරිය පැවැත්වීමේ අරමුණු 

  • සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට සිදු කළ බාරහාර ඔප්පු කිරීම.
  • පණු රෝග, කෘමීන්ගෙන් ඇති වන හානි අවම කරගෙන සශ්‍රීකත්වය පැතීම.
  • අස්වැන්නෙන් දෙවියන් උදෙසා වෙන් කළ කොටස පවරාදීම.
  • ලෝක් සත්තවයා වෙත පැමිණෙන්නාදූ අපල උපද්‍රව, ලෙඩ රෝග, වසංගතයන්ගෙන් මිදී නීරෝගී දිවි පෙවතක් පවත්වා ගැනීමට දෙවියන්ගෙන් ආරක්ෂාව පැතීම.



යොදා ගන්නා වාද්‍ය භාණ්ඩ 

  • ගැටබෙරය
  • තාලම්පට

රංග වස්ත්‍රාභරණ

  • උඩරට වෙස් ඇඳුම් කට්ටලය


කොහොඹා කංකාරිය හා බැඳි චාරිත්‍ර විඳි ප්‍රධාන කොටස් 2කි. 

  • පූර්ව චාරිත්‍ර
  • ප්‍රධාන පුද පූජාවන්

පූර්ව චාරිත්‍ර/ පූර්ව සූදානම

  • අගහස් වෙන් කිරීම/ අස්වැන්නෙන් දෙවියන් උදෙසා කොටසක් වෙන් කිරීම.
  • රුක් පේ කිරීම.
  • කප සිටුවීම.
  • කංකාරි මඬුව ඉදි කිරීම.
  • කංකාරියට සහභාගී වන සියලු දෙනා පේවීම.

ප්‍රධාන පූජාවන්

  • මල පේ කිරීම.
  • ආභරණ වැඩවීම.
  • මල් යහන් කවි ගායනය
  • පොල්මාලේ සහ මඩුපුරේ කවි ගායනය
  • අඩුක්කු( මුරුතැන් පිසීම සඳහා සූදානම් වීම.

කංකාරි දින චාරිත්‍ර

පෙරවරු චාරිත්‍ර

1. මුරුතැන් පිසීම

2. නානුමුර මංගල්‍යය 

3. පූදා වැඩීම

4. යාතිකාව

5. පේබත් යැදීම

6. අයිලය යැදීම

7. කෝල්මුර කවි ගායනය

8. මල් යහන් කවි 

9. කඩවර ගොටුව දීම

10. දෙවියන්ගේ දානය

පස්වරුවේ චාරිත්‍ර

1. මඟුල් බෙර වාදනය

2. වැදි යකුන් නැටීම

3. යක් ඇනුම

4. හත්පද නැටීම

  •  බුලත් පදය
  • කොතල පදය
  • කළු පදය
  • දුම්මල පදය
  • පොල් පදය
  • ආවළඳ පදය
  • සැවුල් පදය

5. පලවැල දානය

6. වනේ නැටුම

7. වංගෙඩියේ සමයම

8. වැදියක් පොළ

9. කඩවර ගොටු දීම

රාත්‍රී භාගයේ පූජා චාරිත්‍ර

1. අයිලයේ කට කැපීම

2. යක්දෙස්සන් පේවීම

3. හඟල සෑදීම

4. ආභරණ අයිලයට වැඩමවීම

5. පුදා වැඩීම

6. මහා යාතිකාව

7. මඟුල් බෙර

8. ආත්‍යා බෙර වාදනය

9. යක් ඇනුම

10. අයිලේ යැදීම

11. අස්නේ නැටුම

12. යක් තුන් පදය

13. හත්පද නැටීම

  •  බුලත් පදය
  • කොතල පදය
  • දුම්මල පදය
  • කළු පදය
  • ආවළඳ පදය

14. ගුරුගේ මාලාව

15. කවිපස් පංතිය

16. මල් යහන් කවි

17. දානපහ

18. දුනුමාලප්පුව

19. කෝල්පාඩුව

20. ආවැන්දුම

21. වැදි යක්කම

22. මඬුපුරේ 

23. පොල් මල ගෙන ආතුරයාට සෙත් කිරීම

24. මල් හත් පදය හා මල ගැසීම

25. මල බැඳීම

26. කප ගැලවීම

27. කඩවර ගොටුව දීම

28. නයා යක්කම

29. දර්ශන යක්කම

30. විජේරාජ කතාව

31. ඌරා යක්කම

32. සීතා යක්කම

33. ගබඩා කොල්ලය

34. ගෙට ගිනි තැබීම

35. කොහොඹා හෑල්ල

36. මුව මල විදීම

37. මාරාව

38. සමාප්තිය

දේශීය නර්තන සම්ප්‍රදායන් 03 ක් අරඹයා සිදු කරන ශාන්තිකර්ම


කිසියම් පුද්ගලයෙකුගේ මානසික සුබ සිද්ධිය වෙනුවෙන් දෙවියන්, යකුන්, ග්‍රහයන් කෙරෙන් ඇතිවෙන බලවේගයන් දුරුකර ගැනීමට යොදා ගන්නා කිසියම් සුභ කටයුත්තකි. සෙත් ශාන්තියක් වෙනුවෙන් මිනිසුන්ගේ සිත් තුළ ඇති වන සුවපත් බව ශාන්තිකර්ම තුළින් ඉටු වේ. බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කොට ගෙන මෙවැනි ශාන්තිකර්ම, බලි තොවිල් ආදිය සිදු කෙරෙන අතර ඇතැම් නාගරික ජනයා අතරේද මේවා ප්‍රචලිතව ඇත. එසේම මෙම ශන්තිකර්මයන් සිදු කිරීමට වෙන් වෙන් වු අරමුණු ද ඇත. ඈත අතීතයේ සිටම ගැමියන්ගේ ලෙඩ දුක් දුරුකරවා ශාන්තියක් යහපතක් ඇති කිරීම සඳහා යොදා ගනු ලබන කායික මානසික ප්‍රතිකර්මයක් ලෙස ද ශාන්තිකර්ම හඳුනාගත හැකිය. මෙම ශාන්තිකර්මයන් දෙවියන් උදෙසා කරනු ලබන ශාන්තිකර්ම සහ යකුන් උදෙසා කරනු ලබන ශාන්තිකර්ම ලෙස දෙකොටසකි. 

දෙවොල් මඬු, ගම්මඬු, හෑල්ලුම් මඬු, පහන් මඬු ආදී ශාන්තිකර්ම පත්තිනි දෙවියන් සහ දෙවොල් දෙවියන් උදෙසා සිදු කරනු ලබයි. දෙවියන්ගෙන් ඇති වන්නා වූ වසංගත රෝග දුරු කර ගැනීම අපේක්ෂා කරනු ලබයි. 

දෙවියන් උදෙසා සිදු කරන ශාන්තිකර්ම අතරින් බලි ශාන්තිකර්ම දෙවියන් හා ග්‍රයයන් උදෙසා කරනු ලබන විශේෂ ශාන්තිකර්මයකි. 


යකුන් උදෙසා සිදු කරන ශාන්තිකර්මවලදී සිංහල ගැමි බෞද්ධයන් අතර පවතින ඇදහිලි විශ්වාස අනුව යකුන් පිළිබඳ සිදු කරන පුද පූජා රාශියක් ඇත. පහතරට ප්‍රදේශයෙහි මාතර බෙන්තර ගුරුකුලයන්ට ආවෙව්ණික යකුන් උදෙසා කෙරෙන ශාන්තිකර්ම ලෙස තොයිල්, සන්නියකුම, රට යකුම, මහසෝන් සමයම, කුමර සමයම, සූනියම් ශාන්තිකර්මය ආදිය සිදු කරනු ලබයි. 

දේශීය නර්තන සම්ප්‍රදායන් 3 අරඹයා ශාන්තිකර්ම පවත්වනු ලැබේ. 


1. උඩරට නර්තන සම්ප්‍රදාය 

  • කොහොඹා කංකාරිය
  • වලි යක් මංගල්‍යය 
  • කඩවර කංකාරිය 
  • ගම්මඬු ශාන්තිකර්මය
  • පිදුම් මඬුව
  • ගිනි මඬුව
  • මල් මඬුව
  • රූප්පායක් මඬුව
  • මෙලෙසි යක් මඬුව
  • පඬුරු වෙන් කිරීම/ දෙවියන් වැඳීම.
  • බලි ශාන්තිකර්මය.

2. පහතරට නර්තන සම්ප්‍රදාය 

දෙවියන් වෙනුවෙන්, 

  • ගම්මඬු
  • දෙවොල් මඬු
  • ගරා මඬු 
  • පූනා මඬු
  • ගිනි මඬු
  • හැල්ලුම් මඬු
  • බූතමඬු
  • පිදුම් මඬු
  • තුන්දා මඬු

යකුන් වෙනුවෙන්,

  • සූනියම් යාගය
  • සන්නි යකුම
  • රට යකුම
  • මහසෝන් සමයම
  • මහ කළු කුමාර සමයම
  • කුටක සමයම
  • කැලෑ යකුම් යාගය
  • සන්නි භාගය

3. සබරගමු නර්තන සම්ප්‍රදාය

දෙවියන් උදෙසා

  • පහන් මඬු
  • කිරි මඬු
  • දානේ මඬු
  • දෙහි මඬු
  • ගරා මඬු
  • මංගර මඬු
  • ගම්මඬු
  • දෙවොල් මඬු
  • ගී මඬු
  • පූනා මඬු

යකුන් වෙනුවෙන්,

  • සන්නි යකුම
  • රීරී මරු සමයම
  • ඉරමුදුන් සමයම
  • සූනියම් මඬුව
  • කඩවර සමයම
  • කළුවැදි සමයම
  • මහ.සොහොන් සමයම
  • කුමාර සමයම
  • දරහැව තොවිල්
  • බිල්ලෙ සමයම

ග්‍රහයින් වෙනුවෙන්,

බලි ශාන්තිකර්ම වර්ග 35 ක් සිදු කරන අතර 

  • අඹන බලි
  • සැරසිලි.බලි 
  • කඩබලි         ලෙස කොටස් තුනක් යටතේ සිදු කරයි.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...