Search This Blog

Showing posts with label ආගම සංස්ථාව. Show all posts
Showing posts with label ආගම සංස්ථාව. Show all posts

Wednesday, November 20, 2024

ශ්‍රී ලාංකිකයන් අතර පවත්නා මූලික ආගමික ඇදහිලි

ආගමික විශ්වාසයන්

බුද්ධාගම: 

මූලික ඉගැන්වීම්: බොහෝ ශ්‍රී ලාංකිකයන් ථෙරවාදී බුදුදහමට අනුගත වන අතර, දුක්ඛයෙන් මිදීම සඳහා චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.

පිළිවෙත්: මහනුවර, දළදා මාලිගාව වැනි පූජනීය ස්ථාන වන්දනා කිරීම, භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම, දන් දීම සහ භාවනා කිරීම.

හින්දු ආගම: 

ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවය ලත් ආගමික සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16% ක් සිටින ලොව තුන්වන විශාලම ආගම වේ. ඒ අතුරින් මිලියන 905 ක් භාරතයේ සහ නේපාලයේ වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ ලෙස බංග්ලාදේශයශ්‍රී ලංකාවපකිස්තානයඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් දැක්විය හැකිය.ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් දෙමළ ප්‍රජාවන් විසින් ප්‍රගුණ කරන හින්දු ආගම ශිව සහ විෂ්ණු වැනි දෙවිවරුන්ට භක්තිය, චාරිත්‍ර වාරිත්‍ර සහ මෝක්ෂය (විමුක්තිය) ලුහුබැඳීම අවධාරණය කරයි. ප්‍රධාන උත්සව අතරට තෛපොංගල් සහ දීපවාලි ඇතුළත් වේ.


ඉස්ලාම්: 


ලෝකයේ දෙවැනියට විශාලම ආගම වන මෙයට බිලියන 1.9 ක (ලෝක ජනගහණයෙන් 24.9% ක) අනුගාමිකයන් පිරිසක් ඇත. ඉස්ලාම් අනුගාමිකයන් මුස්ලිම්වරු ලෙස හැඳින්වෙයි. මුස්ලිම්වරු රටවල් 47 කම බහුතර ජන කොට්ඨාශය වෙයි. ඉස්ලාම් හි මූලික ඉගැන්වීම් වන්නේ දෙවියන් දයානුකම්පිත, සර්වබලධාරී සහ අද්විතීය බවත් සහ දෙවියන් පණිවුඩකරුවන් ඔස්සේ මනුෂ්‍යයින්ට මග පෙන්වා ඇති බවත් ය. ඉස්ලාම් හි ශුද්ධ වූ ග්‍රන්ථය වන්නේ කුරානය යි. කුරානය සහ මුහම්මද්ගේ ඉගැන්වීම් (සුන්නාහ් ලෙස හැඳින්වෙන) දෙවියන්ගේ වචනය යැයි විශ්වාස කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු යාඥාව, උපවාසය, පුණ්‍යකර්මය සහ හජ් වන්දනාව කෙරෙහි අවධානය යොමු කරමින් ඉස්ලාමීය ඉගැන්වීම් අනුගමනය කරති.හලාල් පිළිවෙත්වලට ගරු කිරීම සහ ඊද් වැනි උත්සව සැමරීම කේන්ද්‍රීය වේ.

ක්‍රිස්තියානි ධර්මය: 

කිතුනුවන් ලෙස හැඳින්වෙන එහි අනුගාමිකයින් විශ්වාස කරන්නේ ජේසුස් ක්‍රිස්තූන් දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන බවය. මිනිසුන්ගේ ගැලවුම්කරුවා (නොහොත් මෙසියස්) ලෙස ජේසුස්ගේ පැමිණීම පිලිබඳව බයිබලයෙහි  ලියා ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම ඔහුගේ පැමිණීම පිළිබඳ හීබෲ බයිබලයෙහි (පරණ ගිවිසුමෙහි) අනාවැකි පවසා ඇති බවද විශ්වාස කෙරෙයි. එය ලොව විශාලතම ආගම වන අතර 2020 වන විට අනුගාමිකයන් බිලියන 2.8 ක් පමණ සිටී.කිතුනුවන්, විශේෂයෙන් රෝමානු කතෝලිකයන්, යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්, යාච්ඤාව සහ පුණ්‍ය කටයුතු අවධාරණය කරති. ජනප්‍රිය පිළිවෙත් අතර නත්තල් සහ පාස්කු ඇතුළත් වේ.

Thursday, November 7, 2024

ගැමි සමාජය තුළ ප්‍රචලිතව පැවති ඇදහිලි සහ විශ්වාසයන් වත්මනයේ අරුත් ගැන්විය හැක්කේ කෙසේද ?

මිනිසුන්ගේ ලෞකික සහ අධ්‍යාත්මික ජීවිතය සමඟ සෘජුව බැදුණු ඇදහිලි විශ්වාස මෙන්ම ඇතැම් මානසික සහ ගුප්ත විද්‍යා ක්‍රමවේදයන් තුළින් පිළිබිඹු වන්නේද මිනිසුන්ගේ අද්විතීය බුද්ධි මහිමයේ එක් පැතිකඩකි. මතුපිටින් පෙනෙනවාට වඩා ඒ තුළ සැඟවී ගත් අරුත බලවත්‍ ය. බොහෝ ගැඹුරුය. 

සමාජයේ සාමාජිකයන් උපතේ සිට මරණය දක්වා ජීවිතයේ විවිධ කඩඉම් එනම් උපත, වැඩිහිටි වීම, අවාහ වීම, මරණය ආදී කොට ඇති අවස්ථාවනුත්, ජීවිතය පවත්වා ගැනීමේදී කායික, මානසික් සහ සමාජීය වශයෙන් මුහුණ දෙන්නා වූ අවස්ථාත්, ජීවන වෘත්තීන්, ලෙඩ දුක් සහ රෝගාබාධ ආදියෙහිදීත් මතුවූ ගැටළුවලට විසඳුම් වශයෙන් යොදාගත් ප්‍රබලතම විකල්ප ක්‍රියා මාර්ගය වූයේ ඇදහිලි හා විශ්වාසයන්ගේ පිහිට පැතීමයි. 

"ඇදහීම යනු ශ්‍රද්ධාව, භක්තිය හා විශ්වාසය ලෙස දක්වයි....."

ගැමි සමාජය තුළ ප්‍රචලිත ඇදහිලි සහ විශ්වාස පියවරෙන් පියවරට විද්‍යානුකූලව අර්ථකථනය කළ නොහැකි වෙතත්, අපේක්ෂිත ප්‍රතිඵලය කෙරෙහි ඇති විශ්වාසය සහ සාර්ථකත්වය කෙරෙහි කිසිදු සැකයක් ඇති කරගත නොහැකි තරමට එය ප්‍රායෝගිකය.

සාම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ගේ ප්‍රබලත්වය සහ ස්ථිරසාර බව කොතරම් ද යන්න පැහැදිලි කළ හැකි කදිම සාධකයක් වන්නේ, බුදු දහම සමඟ එක්වී ඇති ප්‍රාග් බෞද්ධ ගැමි ආගම්වල ලක්ෂණ අද දක්වාම ව්‍යවහාරයේ පවතින බව පෙනී යාමයි. 

බුදු දහම අප රටට පැමිණීමට පෙර මෙරට සිටි ජන කොටස් අතර පැවති ඇදහිලි ක්‍රම ලෙස විස්තර කෙරෙනුයේ වෘක්ෂ වන්දනාව, පර්වත වන්දනාව, සත්ත්ව වන්දනාව, ඉරහඳ වැනි ග්‍රහ වස්තු වන්දනාව ආදී කොට ඇති ප්‍රාථමික ඇදහිලි ක්‍රම හා පුද පූජා වතාවන්ය.



මහින්දාගමනයෙන් පසුව බුදුදහම ලක්දිව පුරා ප්‍රචලිත විය. දේවානම්පියතිස්ස රජතුමා බුදු දහම් වැළඳ ගැනීමෙන් අනතුරුව තත්ත්කාලීන සමාජයෙහි බුදු දහම එකම ආගම බවට පත් වූයේ රජතුමාගේ ආගම වැසියාගේ ආගම බවට පත් වූ හෙයිනි. මහින්දාගමනයෙන් පසුව ආගමික ඇදහිලි හා විශ්වාසවල පෙරළිකාර පරිවර්තනයක් සිදු විය. එය අපගේ සමාජ සංස්කෘතියට ද විශාල බලපෑමක් සිදු කරන ලදි. බුදු දහම රාජ්‍ය ආගම බවට පත් වූවද පැරණි ගැමි ආගම්වල ඇදහිලි ක්‍රම අභාවයට යන්නට එය හේතුවක් වූයේ නැත. ඒ සියල්ලටම වෙනස් මුහුණුවරකින් බුදු දහම සමඟ මිශ්‍ර විය. ඒ අනුව ප්‍රාග් බෞද්ධ ගැමි ආගම්වල තිබූ ඇදහිලි ක්‍රම හා විශ්වාසය අද දක්වාත් අපෙන් ඈත් වී නැත.

Monday, May 29, 2023

ආගම සංස්ථාව

සමාජ මානව විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ සමාජ සංස්ථාවක් ලෙස අධ්‍යයනය කරනු ලබන ආගම ගත්කල, සමාජ ප්‍රජාවන් ක්‍රියාත්මක වීමේදී සාමූහිත හැගීම් ජනිත කිරීමෙහිලා මහගු කාර්‍යභාරයක් ඉටු කරනු ලබයි. මිනිසාගේ භෞතිකත්වය මෙන්ම අධ්‍යාත්මය යහපත් කරනු ලබන්නේ ආගම මගිනි. එවිට පුද්ගලයාගේ පැවැත්ම රදා පැවැත්වීමට ආගම විසින් කරනු ලබන කාර්‍යය අතිමහත්‍ ය.

සමාජ විද්යාඥය එමිල් ඩර්කයිම් විසින් ඕස්ට්‍රේලියාවේ අරුන්ටා ගෝත්‍රයෙහි ටෝටමායනය නම් ආගමික ඇදහිල්ල අධ්‍යයනය කොට ආගම් පිළිබද නිර්වචනයක් (The Elementary Forms of Religion ) නම් කෘතියේ සදහන් කොට ඇත. ඩර්කයිම්ට අනුව "ආගම යනු පාර්ශුද්ධ වස්තූන් හා සම්බන්ධ විශ්වාස ක්‍රියා පිළිවෙත් පිළිබද ඒකාබද්ධ ක්‍රමයක් වන අතර එය අදහන හැම් දෙනාම සුචරිත ධර්ම මුල් කරගත් ජන සමාජයක් වෙත යොමු වේ." යන්නයි. විලියම් ජේම්ස්ට අනුව " ආගම යනු මිනිසුන් හුදකලාවේ සිටින විට ඔවුන් අමරණීය කළ හැකි කුමන දෙයක් පිළිබදව හෝ සම්බන්ධ හැගීම්, ක්‍රියාවන් හා අත්දැකීම් සමුදායක් ලෙසිනි.


මේ අනුව ස්වභාවධර්මයේ සහ මිනිසාගේ සබදතාවයේ ප්‍රතිඵලයක් ලෙස ආගම බිහි විය. සිය මහන්සියෙන් උපයා ගෙන ආරක්ෂා කළ දේ හිටිහැටියේ විනාශ වීම, උපත, මරණය ආදී වූ සංසිද්ධි මිනිසාට තේරුම්ගත නොහැකි විය. ඒ පිළිබද තම මනසට වාසි වන අයුරින් නිර්වචනය කිරීමට ගත් උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ආගම බිහි වූවා යැයි සැලකිය හැකිය. පෙනෙන දේ මෙන් නොපෙනෙන විශ්වාස බලවේග පදනම් කරගෙන ආගම බිහි විය. ශුද්ධ යැයි පිළිගත් වස්තූන් සතු බලය තමන් පාලනය කරන්නේ යැයි කල්පනා කර විවිධ පුද පූජා පවත්වමින් එම බලය තම වාසියට හරවා ගැනීමට මිනිසුන් ප්‍රයත්න දරා ඇත. විශ්වාස යනු ශුද්ධ වූ බලවේග ඇති වූයේ කෙසේද, එහි පැවැත්ම හා ආගම සම්බන්ධ කථා වස්තූන් මත ගොඩනැගෙන්නකි. එකී විශ්වාසය මත පදනම්ව යම් සමාජ කණ්ඩායමක් ඊට පුද පූජා පැවැත්වීමෙන් එය ඇදහිල්ලක් බවට නිතැතින්ම පත් වෙයි.


ආගමක් ගත් කළ එහි සුකෘත්‍යයන් මෙන් ම දුෂ්කෘත්‍යයන් ද සිදු වනු දැකිය හැකිය. එලෙස ආගමක් මගින් සිදුවන සුකෘත්‍යයන් හෙවත් සමාජ කාර්‍යයන් ලෙස පුද්ගලයාගේ මානසික තෘප්තිය සහ සැහැල්ලුව ඇති කිරීම, පුද්ගලයාට භාවාත්මක ආධාරය ලැබීම, පුද්ගල හැසිරීම් පාලනය කිරීම, ධර්මතා සාරධර්ම ස්ථිරසාර කිරීම, සමාජ අනුකලනය ඇති කිරීම, ආදිය පෙන්වා දිය හැකි වේ. නවීන අදහස් මතු වීම වළක්වාලීම, සමාජ වෙනස් වීම්වලට අනුගත විමට බාධා සිදු කිරීම , සමාජ තාර්කීකරණ ක්‍රියාවලියට බාධා සිදු කිරීම , සංස්කෘතික ගැටුම් ඇති වීම ආදිය ආගමක් මගින් සිදු වන දුෂ්කෘත්‍යයන් ගණයෙහිලා සැලකිය හැකිය. ආසියාතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවෙහි ආගමික සන්දර්භය ගත් කළ බොදු, හින්දු , ඉස්ලාම් සහ කිතුණු භක්තිකයන්ගෙන් සමන්විත වන අතර ලාංකීය සමාජය තුළ ප්‍රධාන ආගමික ඇදහිල්ල නම් ථේරවාදී බුදු දහමයි. මහින්දාගමනයෙන් පසු මෙරට ස්ථාපිත වූ බුදුදහමෙහි ශාස්තෘවරයා වන්නේ බුදුන් වහන්සේය. බුදු දහමෙහි හරය වන්නේ චතුරාර්‍ය සත්‍යයයි. ඊට ලගා වීමට ඇති මාර්ගය වන්නේ ආර්‍ය අෂ්ටාංගික මාර්ගයයි. බුදු දහම පොදුවේ සමාජ විද්යාඥයන් සහ සමාජ මානව විද්යාඥයන් ජනප්‍රිය බුදු දහම වශයෙන් ව්‍යවහාර කරන අතර ඔවුන්ට අනුව ජනප්‍රිය බුදු දහමේ ඇදහිලි වාද ආකෘතියක් ද දක්නට ලැබේ. ඊට අනුව අති පාරිශුද්ධ , ශුද්ධ සහ අශුද්ධ ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් පවතී. එහි දී අති පාරිශුද්ධ බලවේග වශයෙන් බුදුන් වහන්සේ ද සියලු දේව කොට්ඨාශ ශුද්ධ බලවේග ලෙස ද යක්ශ ප්‍රේත කොට්ඨාසයන් අශුද්ධ බලවේග ලෙස ද සලකනු ලබයි.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...