රුහුණු පුරයෙහි ආරක්ෂකයා වශයෙන් සැලකෙන කතරගම දෙවිදුන් අප අදහන දෙවිවරු අතර සිටින්න්නා වූ තේජසයෙන් සහ බල පරාක්‍රමයෙන් යුක්ත දෙවි කෙනෙකු ලෙස හදුන්වන්නට පුලුවන. කදිර සුරිදු, ස්කන්ධ කුමාර, මුරුගන් ආදී වූ නම් වලින් මෙම දෙවිදුන් හදුන්වනු ලබයි. කද සුරිදු හෙවත් ස්කන්ධ කුමාර දෙවියන්ට මුහුණු සයකින්ද , අත් දොළොසකින්ද , නෙත් දොළොසකින්ද , රන්වන් පැහැති සිරුරකින්ද සමන්විත වන බව දැකිය හැක්කකි. ජනප්‍රවාදයට අනුව මෙසේ වී ඇත්තේ ඊශ්වර දෙවියන් අභියස විශ්ණු විසින් මායාවකින් මවන ලද කුමරුන් සය දෙනා දුටු උමාව විසින් කුමාර කන්දක් නොවෙව් දැයි පවසා සය දෙනා එකට අල්ලා ගැනීම නිසා ඔවුන් ඒකාබද්ධ වී මුහුණු සයක්, අත් දොළොසක් හා එක් කයකින්ද සහිත වූ බව කියනු ලැබේ. මයුරාසනය පිට සිටින්නා වූ කතරගම දෙවිවුන්ගේ අත් දොළොසෙහි කෙටේරියක් , දුන්නක්, හීයක්, පළික්, පොතක්, කඩුවක්, අඩ කුසයක්, මුගුරක්, සැවුල් ධජයක්, සංඛයක්, තෝමරයක් දරාගෙන සිටිනු දක්නට පුලුවන. එමෙන්ම දකුණු උරහිසෙහි මොකරෙකුද , පාමුල නාගයෙකුද ,දෙපසින් තේවානි අම්මා සහ වල්ලි අම්මා ද සමගින් සිටින්නා වූ කතගම දෙවිදුන් කතරගමට , සෙල්ලන් දූවට, මඩං දූවට, මැනික් ගංගාවට , කිරි වෙහෙරට, වැඩිහිටි කන්දට, සයුර මධ්‍යයේ පිහිටි ත්‍රිත්ව කෝවිලට , මුන්නේශ්වරම් දේවාලයට, රුහුණු පස් පත්තුවට, වලවේ ගංගාවට , සෙල්ල කතරගමට ආදී වූ ස්ථාන රශියකට බලපරාක්‍රමය පතුරුවා ගෙන් සිටින බව ගම්වාසීන් මෙන්ම ජනශ්‍රැතියේද සදහන් වේ. යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි කතරගම නගරය කද සුරිදුන්ගේ වාසභවනයි. කතරගම නගරයෙහි මැණික් ගග අසබඩ පිහිටා ඇති මෙම පූජා භූමියට ප්‍රවෙව්ශ වීම සදහා සතර දිශාවෙන් සුවිසල් දොරටු සතරක් වෙයි. මෙම පුදබිම මහා දේවාලය, කිරි වෙහෙර , ගණ දේවාලය, අෂ්ට ඵලරුහ බෝධිය , දේවාල මුළුතැන්ගෙය සහ තවත් දේවාල් කීපයකින් සමන්විත වන්නකි. මතු බුදු වන මෙම කතරගම දෙවියන් බුදුන් වහන්සේගේ තුන්වන ලංකා ගමනේදී කතරගම රාජධානිය භාරව සිටි මහඝෝශ රජතුමා බව ද අතීත කතාවල සදහන් වේ. බොදු ජනතාවගේ ජනවහරට අනුව එකල බුදුන් වහන්සේගේ බණ අසා රජු සෝවාන් වූ බවත් මහාඝෝශ හෙවත් මහසෙන් රජු මරණින් පසු දෙවියෙක්ව කතරගම ප්‍රදේශයට අරක්ගෙන සිටින බවත් විශ්වාස කෙරේ. තවද කතරගම දෙවිදුන් හෙවත් ස්කන්ධ කුමාරගේ උත්පත්තිය පිළිබද ව හින්දු ජනශ්‍රැතිය තුළ සදහන් වන්නේ මෙසේය . අතීතයේ සිටි තාරක නම් අසුරයෙකුගෙන් දෙවියන්ට කරදර සිදුවන්නට විය. නමුත් එම තාරක අසුරයා පරාජය කිරීමට හැකියාව ඇත්තේ ශිවට දාව උපන් අයෙකුට පමණක් බැවින් පාර්වතිය ශිවට පාවා දීමට උත්සාහ කළද එය අසාර්ථක විය. නමුත් අවසානයේ තවුස් දම් පිරූ පාර්වතිය පිළිබද පැහැදි ශිව ඇයව සරණ පාවා ගත්තේ ය. ඔවුන්ගේ එක් වීමේ සිහිවටනය වූයේ ස්කන්ධ කුමාරයාය. රණබිමේ දස්කම් පෑ ස්කන්ධ කුමරු තාරක අසුරයා පරාජය කළ බව ද ජනප්‍රවාදයේ සදහන් වන්නකි.
ඓතිහාසික ජන වෘතාන්තයට අනුව කතරගම දෙවියන් පිළිබද ඇති තවත් විශ්වාසයක් මෙසේ ය. එනම් එකල ලංකාවේ රාජ්‍ය පාලනය කරමින් සිටි දුටුගැමුණු කුමරුන්ට යුද්ධය ජය ගැනිමටද කතරගම දෙවිදුන් පිහිට වූ බව සදහන් වේ. දිනක් දුටුගැමුණු රජු පෙහෙවස් සමාදන් වී සිටින අතරතුර නින්දට වැටුණු විට එතුමා සිහිනයක් දුටුවේය. මොණරෙකු පිට නැගි අයෙකු පැමිණ ඉදිරියේදි සිදු කරනු ලබන යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට තමන් උපකාර කරන බවත් ජය ලැබුණු පසු දිව්‍ය විමානයක් ඉදිකර දිය යුතු බවත් ගිවිස ගන්නා ලදි. ඉන්පසු දුටුගැමුණු රජු එළාර පරදවා ජයග්‍රහණය කළ අතර පොරොන්දුව ඉෂ්ට කිරීමක් වශයෙන් කතරගම දේවාලය ස්ථාපිත කොට ඇති බව සදහන් වේ.
ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවිදුන් හින්දු දෙවි කෙනෙකු බව ජනප්‍රවාදවල සදහන් වේ. එම කුමරුන් කතරගමට ආගමනය වීම සම්බන්ධව ජනී ජනයා අතර විවිධ විශ්වාසයන් පවතී. ඉන් එක් විශ්වාසයක් නම් කතරගම සිටි වල්ලි අම්මා නම් වැදි කාන්තාවක් කෙරේ කතරගම දෙවිදුන් පැහැද සිට ඇති බවයි. වල්ලි අම්මා සරණ පාවා ගැනීමට ද කද කුමරු කැමැත්ත ප්‍රකාශ කළ ද ඇය එම යෝජනාව ප්‍රතික්ශේප කොට ඇත. එවිට කද කුමරු කනස්සල්ලෙන් සිටින විට කද කුමරුගෙ බාල සොහොයුරා වූ ගණ දෙවියන් ඔහුට සහාය දී ඇති අතර වල්ලි අම්මා මැනික් ගගේ දිය නාමින් සිටින විට ගණ දෙවියන් ඇත් වේශයක් මවාගෙන ඇය ඉදිරිපිටට යාමෙන් වල්ලි අම්මා බියෙන් ඇළලී ගියා ය. එවිට කද කුමරු පැමිණ වල්ලි අම්මා බේරාගෙන ඇති අතර එම නිසාවෙන් ඇය කද කුමරු සරණ පාවා ගැනීමට කැමැත්ත දී ඇති බැවු මිනිසුන් විශ්වාස කරයි. මේ අතරම කද කුමරුන්ගේ බිරිදව සිටි තේවානි අම්මාද කතරගමට පැමිණ ඇති අතර කතරගම වල්ලි අම්මා කෝවිල සහ තේවානි අම්මා කෝවිල පිහිටා ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මෙලෙසින් සිංහල, හිංදු , මුස්ලිම්, මෙන් ම වැදි ජනයා ද මෙම දෙවියන් කෙරෙහි විවිධ පුද පූජෝපහාර දක්වති. තම ජීවිතවලට ආශිර්වාදය ලබා ගැනීමටත් ජීවිතයේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනිජ්මත් ඔවුන්ගේ ඒකායන අරමුණු වන්නෝය . ඉඩකඩම් මිලදී ගැනීමකදී , නව ව්‍යාපාර ආරම්භ කොරීමකදී , යාන වාහන මිලදී ගැනීමකදී සහ විභාග කටයුතුවලදී කද සුරිදුගේ පිහිට ආශිර්වාදය ලබා ගැනීම මෙහි යනෙන බැතිමතුන්ගේ අභිප්‍රාය වී ඇත. එමෙන්ම සොර සතුරු උඅවදුරු වලින් ආරක්ෂා වීමටත් අණ වින හදි හූනියම් වලින් ආරක්ෂා වීමටත් , දියුණුව සොයා යන ගමනට රුකුලක් වීමටත් කතරගම දෙවිදුන්ට හැකියාව පවතින බැවු ගැමියෝ විශ්වාස කරති. දෙවිවුන්ගේ පිහිට ආරක්ෂාව පතනුයේ එම නිසාවෙනි. සිය ජීවිතවල දී මුහුණ දීමට සිදු වන අභියෝග සඵල කරගනු වස් දෙවියන්ට කන්නලවු කිරීමට බොහෝ ගම් වැසියෝ පුරුදුව සිටිති. පුද පඩුරු , මල් මාල, මල් වට්ටි පූජා කරමින් භාරහාර කිරීමට විවිධ බැතිමතුන් කතරගම දේවාල කරා පැමිණෙනු දැකගත හැක.
.jpeg)
