දැඩිමුණ්ඩ දෙවියන් යනු අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ශ්රී ලාංකිකයන් අතර බොහෝ ප්රසිද්ධියට පත් දෙවියෙකි. දැඩිමුණ්ඩ දෙවියන් වාසය කරනුයේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේය. එම ස්ථානය ද ශ්රී ලාංකිකයන් අතර ඉමහත් ප්රසිද්ධියට සහ ප්රසාදයට ලක් වන ස්ථානයකි. මෙම දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳව ජනයා අතර විශ්වාසයන් පවතී. සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්ම දුෂ්කර ක්රියා අවසන් කිරීමෙන් පසු ඇසතු බෝ රුක මුල බවුන් වඩන විට එතැනට ආ මාර සේනාව බෝසතාණන්ට විවිධාකාර හිරිහැර කරන්නට විය. එවිට එම ස්ථානයේ රැස්ව සිටි බොහෝ දෙවිවරුන් මාර සේනාවට බිය වී පළා යන විට එක් දෙවියෙකු පමණක් ඉතිරිව සිට බෝසතාණන්ට ආරක්ෂාව සැපයීමට සිට ඇත. එලෙස කරදර හමුවේ දැඩි චිත්ත ශක්තියකින් යුක්තව සිටි නිසා එතැන් සිට එම දෙවියන් "දැඩිමුණ්ඩ" යන නමින් හඳුන්වන්නට විය.
එමෙන්ම මෙම දැඩිමුණ්ඩ දෙවියන් අතෙහි රත්රන් සැරයටියක් දක්නට ඇත. සුදුමල් දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර හෙවත් වීර විකුම් දේවතා බණ්ඩාර නමින් හඳුන්වන්නේද මෙම දෙවියන් ය. දැඩිමුණ්ඩ දෙවියන්ගේ එඩිතරකම නිසාම වෙසමුණි විසින් උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා දැඩිමුණ්ඩ දෙවියන්ට ලංකාවෙන් වාසභවනක් සකස් කරල දෙන ලෙසට. ඊට කැමැත්ත ලැබුණු නිසාවෙන් වෙසමුණි රජුගෙන් අවසර ගෙන මෙම දෙවියන් ලංකාවට පැමිණි බව කියවේ.

දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ද ජන්ප්රවාද කතා ඇත. මෙම දෙවියන් ලංකාවට පැමිණීමෙන් අනතුරුව සිය වාසභවන නැතහොත් දේවාලයක් සෑදීමට භූමියක් සොයමින් සිටින විට කන්ද උඩරට ප්රදේශයට කැමත්තකින් පසු වෙනවා. සතර කෝරළයේ මැද පිහිටි කිරුගන්දෙනියට ගොස් තමන්ගේ රන් සැරයටිය ගල් ලෙනක් තුළ තැන්පත් කිරීම සිදු කර ඇත. ඉන්පසුව උඩරට පාලනය කළ රජුගේ කිරිපට්ටියේ දෙනුන්ගේ කිරි ලේ බවට පත් කොට විශාල කලබලයක් ඇති කරනවා. එදින රාත්රියේ රජු සිහිනයක් දැක, කිරගන්දෙනියට ගොස් දැඩිමුණ්ඩ දෙවියන්ගේ රන් සෝලුව/ රන් සැරයටිය තිබුණු ස්ථානය එළි කොට අලුත් නුවරකුත් සෝලූව තිබූ ස්ථානයෙහි තුන් මහල් පායකුත් නිර්මාණය කොට ඇති බවට ජන්ප්රවාදයේ සඳහන් වෙනවා.
අලුත් නුවර දේවතා බණ්ඩාර, මැණික් බණ්ඩාර, ඌවේ බණ්ඩාර, කීර්ති බණ්ඩාර ආදී නම් කීපයකින් දැඩිමුණ්ඩ දෙවියන් හඳුන්වනු ලබයි. කතරගම දෙවියන්ගේ සෙන්පති, වෙසමුණි රජුගේ මුණුබුරෙකු වශයෙනුත්, උපුල්වන් දෙවියන්ගේ අධිකාරම් වශයෙනුත් විවිධ මුහුණුවර ඔස්සේ දැඩිමුණ්ඩ දෙවියන් ජනයා අතර ප්රසිද්ධියට පත්ව තිබේ. වර්තමානයේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ දෙවොල වන අලුත් නුවර දේවාලය ඉදිරියේ තිබූ විශාල ගල් පර්වතයක් යක්ෂයින් ලවා ඉවත් කරවා ඇත්තේ ද මෙම දැඩිමුණ්ඩ දෙවියන් බව සඳහන් වේ.
10 comments:
😍😍
superb
❤️
❤️
❤️
😍😍😍
Good job ❤
Good job kavee❤😍
❤️
❤️
Post a Comment