මහායාන බුදු දහමේ "අවලෝකිතේශ්වර" බෝධිසත්ත්වයන් ලෙස ද හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ බොදු ජනතාව "නාථ දෙවියන්" යනුවෙන් වන්දනාමාන කරන්නේ ද මෙම දෙවියන් බවට විශ්වාස කරයි. දාහතරවන සියවසේ දී පමණ ලියා ඇති සමහර ලේඛනවල මෙම දෙවියන්ගේ නම "අවලෝකිතේශ්වර නාථ" යනුවෙන් හඳුන්වා ඇත. නමුත් පසුකාලීනව එහි මුල් කොටස ඉවත්ව "ලෝකිතේශ්වර නාථ" යනුවෙන්ද හඳුන්වා ඇත. කෙසේ වුවත් අද වන විට මෙම දෙවියන් "නාථ" යන නමින් පමණක් හඳුන්වනු ලැබේ. මෙම නාථ දෙවියන් මහායාන බුදු දහමේ සඳහන් වන අයුරින් මතු බුදු වීමට පෙරුම් පුරන බෝධිසත්වයන් බවට ද විශ්වාස කරයි.
"නාථ ශ්‍රී සර්ව මංගල්‍යම්
යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූතේන
නාථස්‌වාමි නමෝ වරං"
සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු වේ. නාථ දෙවියන්ට පුද පූජා පවත්වන දේවල රැසක් මෙන්ම දේව ප්‍රතිමා රැසක් ද දක්නට ඇත. උඩරට රාජධානිය තුළ මෙම නාථ දෙවියන්ගේ සංකල්පය ප්‍රකටව තිබූ බවට සාක්ෂි සඳහන් වේ. මහනුවර යුගයේ දී උඩරට වැසියන්ට වින කළ "කඩවර යක්ෂයා" රුහුණට පලවා හැරීමට ද මුල් වී ඇත්තේ මෙම නාථ දෙවියන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. නාථ දෙවියන් දුම්බර ප්‍රදේශයෙහි බලපරාක්‍රමය විහිදුවා සිට ඇති බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි.


2 comments:
❤️
❤️
Post a Comment