Search This Blog

Sunday, September 29, 2024

මහසෝන් යක්ෂයා

"මහසෝන් යකා" යනුවෙන් ද හඳුන්වන "මහසෝනා" ශ්‍රී ලාංකීය යක්ෂ නාමාවලියේ සිටින අතිශයින්ම බලගතු සහ ජනප්‍රියම යක්ෂ චරිතයක් වේ. මහසෝනා මළමිනී වළලන ස්ථාන නැතහොත් සොහොන් පිට්ටනි (කනත්ත) වල නිතර ගැවසෙන බැවින් "මහසෝන් යකා" හෝ "මහසෝනා" යන නම යොදා ඇති බව සිතිය හැකිය. මහසෝනා මෙරට ජන සමාජය තුළින්ම යක්ෂත්වයට පත් වූ "රිටිගල ජයසේන" නම් පුද්ගලයා යැයි ද මිනිසුන් විශ්වාස කරයි. දුටුගැමුණු රජුහේ ගෝඨයිම්බර යෝධයා හා ඇති වූ මාරාන්තික ගැටුමකින් පසුව ගෝඨයිම්බර යෝධයා විසින් එල්ල කළ පා පහරක් නිසා රිටිගල ජයසේනගේ හිස කඳෙන් වෙන් වීම හේතුවෙන් ඒ අසළ සිටි අසුර රජු වලසෙකුගේ හිස ගලවා ජයසේනගේ කවන්ධයට සවිකර දේහයට ජීවය ලබා දුන් බව පුරාණ ජනප්‍රවාද වල ඇත. 

මහසෝනාගේ ශරීරය කුරුමිට්ටකුගේ තරමේ සිට මහා යෝධයෙකු තරම් වෙනස් කරගැනීමට සහ විවිධාකාර වේශයන්ගෙන් පෙනී සිටීමටද හැකියාව පවතී. එසේ වුවද සාමාන්‍ය අවස්ථාවේ දී ඔහු වලක් හිසක් සහ රතු පැහැති හමකින් යුක්ත විකාරරූපී ශරීරයක් ඇති අමනුෂ්‍ය විලාසයකින් පෙනී සිටින බවට විශ්වාස කරයි. මහසෝනා කරදර කරනු ලබන්නේ අනියම් සබඳතා පවත්වනු ලබන පිරිමින්ට යැයි ද මතයක් ඇත. එමෙන්ම මහ රාත්‍රි කාලයේ තනිපංගලමේ පාළු ප්‍රදේශවල ගමන් ගන්නා පිරිමින්ටද මහසෝනා කරදර කරන බවට ද මිනිසුන් අතර විශ්වාසයන් පවතී.

මහසෝනා සොහොන් පිට්ටනිවල, මහා වනාන්තරවල, ගල් පර්වත සහ කඳු මුදුන්වල සිටී යැයි ද විශ්වාසයන් පවතී. මහසෝනාගේ ආහාරයන් වන්නේ මලමිනී යැයි විශ්වාස කරනු ලබයි. තවද    තුන්මං හන්දිවල රැක සිට මිනිසුන් මරා දැමීමද මහසෝනා විසින් කරනු ලබන බව හා මහසෝනා විසින් පහරදීම නිසා මිනිසුන්ගේ පිටෙහි මහසෝනාගේ අත් පහර පිහිටන බව හා එය දැකගත හැකි බව ජනප්‍රවාදයේ සඳහන් වන්නකි. මහසෝනා විසින් කොළරාව, පාචනය, උණ සන්නිපාතය වැනි වසංගත රෝග සාදා මිනිස්සු මරා දැමීම සිදු කරනු ලබයි. තවද මහසෝනා විසින් මිනිසුන්ට ආවේශ වී දොළ පිදේනි වශයෙන් කුකුළන් ආදී සතුන් හා එම සතුන්ගේ රුධිරය ඉල්ලා සිටින බව ශාන්තිකර්ම වලදී දැකිය හැක. ශාන්තිකර්මයන් හිදී වැඩි වශයෙන් කියැවෙන යක්ෂ නාමයක් ලෙස මහසෝනා හඳුනාගත හැකිය. එමෙන්ම අංගම්පොර වැනි පුරාණ දේශීය සටන් කලා වලදී "මහසෝන් අවතාරය" අංගම්පොර අති දක්ෂ ක්‍රීඩකයන්ගේ ශරීරයට ආවේශ වනවා යැයි ද මිනිසුන් විශ්වාස කරයි.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...