Search This Blog

Sunday, September 29, 2024

රීරී යක්ෂයා

ශ්‍රී ලාංකික යක්ෂ නාමාවලියේ "රීරී යකා" ද බෙහෙවින්ම ප්‍රකට  චරිතයක් වන බව කිව හැකිය.  රීරී යකා  මිනිසාගේ රුධිරය වහනය වන තුවාල, කලකෝලහාල, යුධ ගැටුම් සහ රුධිර ගත රෝග ඇති කිරීමට හේතුවන බව අතීතයේදී  විසූ ගැමියෝ තරයේ විශ්වාස කළහ. රීරී යකාට ඇත්තේ මනුෂ්‍ය ශරීරයක් සහ වානර හිසක් බවට මිනිසුන් විශ්වාස කරයි. රීරී යකා යනු රක්ත වර්ණයට ඇලුම් කරන යකෙක් ලෙස සැලකෙයි. ඔහුගේ වර්ණය ද රතුපාටය. 

අතීත මුතුන් මිත්තන් පවසන පරිදි බොහෝවිට මරණාසන්න රෝගීන් වෙතට පැමිණ රීරී යකා නොයෙකුත් වෙස් ගෙන එම පුද්ගලයා බිය ගන්වයි.  මේ සඳහා ඔහුට විවිධ වේශයන් දහඅටක් මවා ගැනීමට හැකියාව පවතී. පොදු ව්‍යවහාරයේදී ඒවා රීරී යකාගේ "මරු අවතාර" යනුවෙන් හඳුන්වයි. ඇතැම්  අවස්ථාවලදී මරණාසන්න පුද්ගලයන් "මරු විකල්ලෙන් දොඩවනවා" යනුවෙන් හඳුන්වන්නේ මෙම අවතාරයන්ට බිය වී නොයෙක් දේ පැවසීම බවට ද විශ්වාසයක් පවතියි. 

එමෙන්ම හුදෙකලා ගමන් බිමන් යාම, බඳින ලද හා තෙල් සහිත ආහාර අනුභව  කර සිටීම, තුන්මං හන්දි / හතරමං හන්දි ආදීන්හි ගැවසීම, සොහොන් පිට්ටනි, පාළු වතුපිටි ආදියේ ගැවසීම, වතුර ගලා බසින දිය කඩිති අසල  ගැවසීම, රීරී යක්ෂ ඇල්ම බැල්ම කාන්තාවන්ට වැටීමට හේතු විය හැකිය. රීරී යක්ෂයා විසින් නාස පීනස, හිසේ ලෙඩ, උදර අමාරුව, දෑස් නොපෙනීම, වම් තනපුඩුවෙන් ලේ වැගිරීම, ඇලපත්වල ගෙඩි ඇතිවීම, දකුණත යට ගෙඩි ඒම, මුහුණට දාඩිය දමනවා සිහිනෙන් දැකීම, බිළිඳු උපත් නැති කිරීම, ගෙවල්වලට ගල් ගැසීම ආදී දෙව් සිදු කරන බවට ද ජනයා අතර විවිධාකාරයෙන් මත, විශ්වාසයන් පවතී.



කළු කුමාර යක්ෂයා

කළු කුමාර දේවතාව ලෙස ද හඳුන්වයි. කළු කුමාරයාගේ උපත පිළිබඳව විවිධ ජනප්‍රවාද කතා ඇත. එක් උපත් කතාවකට අනුව එක් කුමරෙක් ස්ත්‍රී පුරයේදී ස්ත්‍රීන්ගේ ග්‍රහණයට හසුව මිය ගියේය. 

"එදා කුමරු නැව බිඳලා ස්ත්‍රී පුරයට යති

ස්ත්‍රී පුරේ ගෑනු ඇවිත් කුමරුට ලොල් වෙති

රාල කියා එකින් එකා පොර අල්ලා ගති

දෑල වරේ කුමරු මැරී පණ චුත වී යති"

එදා ස්ත්‍රීන් පුරයේදී ස්ත්‍රීන් එකිනෙකා පොර අල්ලා ඇඟ මස් කඩා ගැනීමෙන් මිය ගිය හෙයින් ස්ත්‍රීන් කෙරෙහි වෛරයෙන් කළු කුමරු වී උපන්නේ යැයි විශ්වාස කරයි. ස්ත්‍රීන්ව ලෙඩ කරවයි. තනිකම් දෝෂ, උන්මාද දෝෂ ඇති කරයි. දරුඵල නැති කරයි. එසේම දරු ඵල විනාශ කරයි, සිහිනෙන් තරුණියන්ට පෙනී ඔවුන් සමඟ හැසිරෙති. ඔවුන් කෘෂ භාවයට පත් කරත් යැයි ජනයා අතර විශ්වාසයන් පවතී. 

ස්ත්‍රීන් උමතු කරවන ලෙඩ ඇති කරවන බලසම්පන්න යක්ෂයෙක් ලෙස හඳුන්වනු ලබයි. ජනතාව මහත් බියක් දක්වනු ලබන යක්ෂ සංකල්පයකි. කළු කුමාර බැල්ම ස්ත්‍රියකට වැටීමට හොඳ නැති බව පවසන්නකි. ස්ත්‍රීන් රාත්‍රී කාලයේ තනිව ගමන් යාම, තෙලේ බැදපු කෑම වර්ගයන් වන බයිට්, මස් පුළුටු  වර්ග කා තනියම රාත්‍රී කාලයේ ගමන් කිරීම, රාත්‍රී කාලයේ පාළු ස්ථානවල සිටීම, පාළු ළිං වලට නෑමට යෑම නිසා කළු කුමාර බැල්ම වැටුන ස්ත්‍රීන්හට විවිධ ශාන්තිකර්ම සිදු කරනු ලබයි.

කළු කුමාර සමයම බොහෝ ප්‍රදේශවල පවත්වනු ලබන ශාන්තිකරමයකි. එය පවත්වනු ලබන්නේ විශේෂයෙන් ගර්භණී කාන්තාවන් උදෙසාය. ඒ කළු කුමාර බැල්ම වැටී ගර්භණී කාන්තාවන්ගේ ගර්භය විනාශ වී ගබ්සා වීම වළක්වා ගැනීම සඳහාය. කළු කුමාර බැල්ම   වැටී ඇති ස්ත්‍රීන් දැඩි ලෙස පිළී වර්ග (කරවල, මස්, මාළු ආදිය) හා බයිට් වර්ග කෑමට දැඩි ලෙස රුචියක් දක්වන බවද විශ්වාසයක් පවතී. එවැනි අවස්ථාවලදී තෙල් මතුරා හිසේ ගෑම, තැඹිලි ගෙඩියක් මතුරා බොන්න දීම, නූල් මතුරා ගැට ගැසීම, කළු කුමාරයන් උදෙසා විවිධ ශාන්තිකර්ම සිදු කිරීම ආදී දේ සිදු කරනු ලබයි.

උඩරට නර්තන සම්ප්‍රදාය ගුරු කොට ගෙන සිදු කරන උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව වූ කලී සංස්කෘතිකමය වශයෙන් ඉහළින්ම වැජඹෙන රටකි. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික  සංස්කෘතිකමය දායාදයන...