උඩරට සම්ප්‍රදායට අනුව පවත්වනු ලබන ලොකු කුඩා ශාන්තිකර්ම ගණනාවක් පවතී. අද වන විට මෙම ශාන්තිකර්මයන් සමාජයෙන් වියැකී ගිය ද සැලකිය යුතු තරම් සංඛ්‍යාවක් ශාන්තිකර්ම, අභිචාර විධි හා පුද පූජා ක්‍රම අද දක්වාම ප්‍රායෝගික ව්‍යවහාරයේ පවතියි. ශ්‍රී ලංකාවේ උඩරට ලෙස හඳුන්වනු ලබන මහනුවර, උඩුනුවර, යටිනුවර, සත්කෝරළය, සතර කෝරළය, දුම්බර, හාරිස්පත්තුව යන ප්‍රදේශයන්හි ව්‍යාප්තව ඇති නර්තන සම්ප්රදාය උඩරට නර්තන සම්ප්රදාය ලෙස හැඳින්වේ. මෙම නර්තන සම්ප්රදායේ ප්‍රධාන ශාන්තිකර්මය 'කොහොඹා කංකාරිය' හැඳින්විය හැකිය. මීට අමතරව වසරකට වරක් පමණක් දක්නට ඇති 'වලියක් මංගල්‍යය' මෙම නර්තන සම්ප්රදායේ අවශේෂ ප්‍රධාන ශාන්තිකර්මය ලෙස හැඳින්විය හැකිය. කඩවර කංකාරිය, අඩුක්කු මංගල්‍යය, වැදි යකුන් නැටීම යන ශාන්තිකර්මයන් මෙන්ම බලි ශාන්තිකර්මය ද මෙම ප්‍රදේශයේ බහුලව ව්‍යාප්ත වී ඇත. එහිදී උඩරට බලි මෙන්ම නුවර කලාවියේ බලි ද මෙම ප්‍රදේශයට ආවේණික ව පවතී.
මෙම ශාන්තිකර්මයන් ප්‍රධාන වශයෙන් අරමුණු 03 ක් අරඹයා සිදු කරනු ලබයි.
1. දෙවියන් උදෙසා
2. යකුන් උදෙසා
3. ග්‍රහයින් උදෙසා
උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්මයන් ලෙස,
1. කොහොඹා කංකාරිය /කොහොඹා යක්කම
2. වලි යක් මංගල්‍යය
3. කඩවර කංකාරිය
4. ගම්මඩු ශාන්තිකර්මය
5. පිදුම් මඬුව
6. ගිනි මඬුව
7.මල් මඬුව
8. රුප්පායක් මඬුව
9. මෙලෙසි යක් මඬුව
10. දෙවියන් වැදීම
11. බලි ශාන්තිකර්මය
ආදිය පෙන්වා දිය හැකිය.
10 comments:
💚
❤❤
❤️❤️
❤️❤️❤️
😍😍😍
♥️♥️♥️
😍
Superb
❤️❤️
Great 🥰
Post a Comment