මිනිසුන්ගේ ලෞකික සහ අධ්‍යාත්මික ජීවිතය සමඟ සෘජුව බැදුණු ඇදහිලි විශ්වාස මෙන්ම ඇතැම් මානසික සහ ගුප්ත විද්‍යා ක්‍රමවේදයන් තුළින් පිළිබිඹු වන්නේද මිනිසුන්ගේ අද්විතීය බුද්ධි මහිමයේ එක් පැතිකඩකි. මතුපිටින් පෙනෙනවාට වඩා ඒ තුළ සැඟවී ගත් අරුත බලවත් ය. බොහෝ ගැඹුරුය.
සමාජයේ සාමාජිකයන් උපතේ සිට මරණය දක්වා ජීවිතයේ විවිධ කඩඉම් එනම් උපත, වැඩිහිටි වීම, අවාහ වීම, මරණය ආදී කොට ඇති අවස්ථාවනුත්, ජීවිතය පවත්වා ගැනීමේදී කායික, මානසික් සහ සමාජීය වශයෙන් මුහුණ දෙන්නා වූ අවස්ථාත්, ජීවන වෘත්තීන්, ලෙඩ දුක් සහ රෝගාබාධ ආදියෙහිදීත් මතුවූ ගැටළුවලට විසඳුම් වශයෙන් යොදාගත් ප්රබලතම විකල්ප ක්‍රියා මාර්ගය වූයේ ඇදහිලි හා විශ්වාසයන්ගේ පිහිට පැතීමයි.
"ඇදහීම යනු ශ්‍රද්ධාව, භක්තිය හා විශ්වාසය ලෙස දක්වයි....."
ගැමි සමාජය තුළ ප්‍රචලිත ඇදහිලි සහ විශ්වාස පියවරෙන් පියවරට විද්‍යානුකූලව අර්ථකථනය කළ නොහැකි වෙතත්, අපේක්ෂිත ප්‍රතිඵලය කෙරෙහි ඇති විශ්වාසය සහ සාර්ථකත්වය කෙරෙහි කිසිදු සැකයක් ඇති කරගත නොහැකි තරමට එය ප්‍රායෝගිකය.
සාම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ගේ ප්‍රබලත්වය සහ ස්ථිරසාර බව කොතරම් ද යන්න පැහැදිලි කළ හැකි කදිම සාධකයක් වන්නේ, බුදු දහම සමඟ එක්වී ඇති ප්රාග් බෞද්ධ ගැමි ආගම්වල ලක්ෂණ අද දක්වාම ව්‍යවහාරයේ පවතින බව පෙනී යාමයි.
බුදු දහම අප රටට පැමිණීමට පෙර මෙරට සිටි ජන කොටස් අතර පැවති ඇදහිලි ක්‍රම ලෙස විස්තර කෙරෙනුයේ වෘක්ෂ වන්දනාව, පර්වත වන්දනාව, සත්ත්ව වන්දනාව, ඉරහඳ වැනි ග්‍රහ වස්තු වන්දනාව ආදී කොට ඇති ප්‍රාථමික ඇදහිලි ක්‍රම හා පුද පූජා වතාවන්ය.
මහින්දාගමනයෙන් පසුව බුදුදහම ලක්දිව පුරා ප්‍රචලිත විය. දේවානම්පියතිස්ස රජතුමා බුදු දහම් වැළඳ ගැනීමෙන් අනතුරුව තත්ත්කාලීන සමාජයෙහි බුදු දහම එකම ආගම බවට පත් වූයේ රජතුමාගේ ආගම වැසියාගේ ආගම බවට පත් වූ හෙයිනි. මහින්දාගමනයෙන් පසුව ආගමික ඇදහිලි හා විශ්වාසවල පෙරළිකාර පරිවර්තනයක් සිදු විය. එය අපගේ සමාජ සංස්කෘතියට ද විශාල බලපෑමක් සිදු කරන ලදි. බුදු දහම රාජ්‍ය ආගම බවට පත් වූවද පැරණි ගැමි ආගම්වල ඇදහිලි ක්‍රම අභාවයට යන්නට එය හේතුවක් වූයේ නැත. ඒ සියල්ලටම වෙනස් මුහුණුවරකින් බුදු දහම සමඟ මිශ්‍ර විය. ඒ අනුව ප්රාග් බෞද්ධ ගැමි ආගම්වල තිබූ ඇදහිලි ක්‍රම හා විශ්වාසය අද දක්වාත් අපෙන් ඈත් වී නැත.
8 comments:
😍
🥰🥰🥰⚡
Interesting
😊❤️
😍❤️
❤️
👍
❤️🥰
Post a Comment